ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යා පලනි දිගම්බරම් මහතා සහ උද්භිත විද්‍යා හා පොදු විනෝදාත්මක කටයුතු නියෝජ්‍ය ඇමති වී .එස්. රාධා ක්‍රිෂණන් මහතා ඉල්ලා අස්වී තිබේ.
සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවට වන ලිපිය තමන් විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ෆැක්ස් පණිඩිසයක් මගින් දැනුම් දුන් බව නියෝජ්‍ය අමාත්‍යා පලනි දිගම්බරම් මහතා පවසයි.
නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ වතු ප‍්‍රජාව නියෝජනය කරන තමන්ට රජය මගින් වතුකරයේ අනෙක් අමාත්‍යවරුන්ට ලබාදෙන පහසුකම් හා වතු ප‍්‍රජාව වෙනුවෙන් වත්මන් රජය සැලකිය යුතු සංවර්ධනයක් සිදුකර නොමැති බවට හා වතු කම්කරු ප‍්‍රජාව වත්මන් රජයට සහයෝගය නොදක්වන ලෙසට කරන ලද ඉල්ලීමක් මත තමන් මෙම තීරණයට එළඹි බව නියෝජ්‍ය අමාත්‍ය පලනි දිගම්බරන් මහතා අදාළ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇති බව වාර්තා වෙයි.
ඉදිරි ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහයෝගය ලබාදීම සඳහා අදාළ නියෝජ්‍ය ඇමතිවරු දෙදෙනා මෙසේ ඉල්ලා අස්වී ඇති බවට වාර්තා පළවෙයි.

Post a Comment