ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති කාල සීමාව තුළ ද්‍රවිඩ ජනතාව මුහුණ දුන් ගැටළු සම්බන්ධයෙන් අසල්වැසි රටවලින් යොමු වු අවධානය පිළිබඳ අසතුට පළ කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ද්‍රවිඩ ජනතාව විවිධ ගැටළුවලට මුහුණ දෙනතුරු ජාත්‍යන්තර ප්‍රජාව නිහඬ පිළිවෙතක් අනුගමනය කළ බව එම සංවිධානය පෙන්වාදෙයි.
සමුල ඝාතන වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ උපදේශක අඩාමා ඩීන්ග් මේ බව ප්‍රකාශ කර ඇත.
ඔහු පවසන්නේ මෙරට යුධ සමයේ සිදුවු සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට කමිටුවක් පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් දැඩි කැපවීමකින් කටයුතු කළ බවයි.

Post a Comment