පස්කන්ද ර‍ාගම ශික්ෂණ රෝහලට ලයිට් කපයි

පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලේ විදුලි සැපයුම් පද්ධතියට හානි සිදුව තිබේ.

රෝහල අසල පිහිටි පස්කන්දක් විදුලි කණුවක් මතට කඩාවැටීම හේතුවෙන් මෙලෙස විදුලි සැපයුමට බාධා එල්ල වී ඇත.


එහිදී රෝහලේ තාප්පයකට ද හානී සිදුව ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.


කෙසේ වෙතත් මේ වන විට තාවකාලික පද්ධතියක් හරහා රෝහලට විදුලිය ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් කටයුතු කර ඇති බැවින් රෝහල් කටයුතුවලට බාධා සිදුව නොමැති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය යු.එල්.එම්. සමරනායක මහතා පැවසීය.



Post a Comment