පස් කන්ද මව පුතයි දෙන්නම බිලිගනී

බදුල්ල, ගල්කන්ද ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් මවක හා පුතෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අවුරුදු 54ක මව හා අවුරුදු 23ක පුතා මෙලෙස මියගොස් ඇත.


මේ අතර බදුල්ල, හෑගොඩ ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.


මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් අනවරණය වී නැත.


මේ අතර බදුලු ඔය පිටාර ගැලීමෙන් මුතියංගණය රජමහාවිහාරය අසළ සුමණතිස්සගම ප්‍රදේශය ජලයෙන් යටවී ඇත.



Post a Comment