අලියෙක් යුවතියක් පැහැරගෙන ගොස් මරා දාලා

සිය බාහිර උපාධි විභාගයට පෙනී සිටීමට යමින් සිටි සිසුවියක් සඳුදා (23) වල් අලියෙකු විසින් ඔසවාගෙන ගොස් පහර දී මරා දමා තිබේ. මල්පානව, මුන්නෑකුලම පදිංචිව සිටි ඒ.ඇම්. මධුභාෂිණී ලක්මාලි (22) තරුණිය මෙලෙස අලි ප්‍රහාරයට ලක් වී මියගොස් ඇත. අද පෙරුවරුවේ කුරුණෑගල මලියදේව බාලිකාවේ බාහිර උපාධි විභාගය පැවැති අතර මධුභාෂිණී සිසුවිය සිය පාපැදියෙන් නිවසේ සිට කිලෝ මීටරයකට ආසන්න ප්‍රමාණයක් පැමිණ ඇත. මෙලෙස එන අතර අනාත පාර තුන්මන් හංදිය අසලදී කැලෑවෙන් මතු වූ අලියා මේ තරුණියව ඔසවාගෙන මීටර් 20ක් පමණ වනය තුළට ගෙනගොස් තිබේ. 

මේ දුටු අවට පිරිස් කෑ ගසා තරුණිය බේරා ගන්නට වෑයම් කොට ඇති නමුත් අලියා ඇයව පොළවේ ගසා හිස පාගා ඇත. කෙසේ වෙතත් අවට පිරිස් එක් වී අලියා පලවා හැර ඇයව නිකවැරටිය රෝහලට ගෙන ගිය නමුත් ඒ වන විටත් ඇය මිය ගොස් සිටි බව කියැවේ. 

මේ අතර නිකවැරටිය අවට ගම්වදින අලි 50ක 60ක පමණ ප්‍රමාණයක් සිටින බවත් ඉකුත් මාස තුනක පමණ කාලයක් ඇතුළත අලි පහරදීමෙන් 10දෙනෙක් පමණ මියගොස් ඇති බවත් පැවසේ. ඉඟිණිමිටිය ජලාශයට ඉහළින් ආරක්ෂිත අලිවැට ඉදි නොකිරීම මේ ව්‍යසනයට හේතු වී ඇති බවත් ඒ නිසාම රස්නායකපුර,නිකවැරටිය,කොටවෙහෙර වැනි ප්‍රදේශවල නිරන්තර අලි තර්ජන වලට ලක්වන බවත් ප්‍රදේශවාසීහු පවසති.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment