ඉපදුණු ගමන් බිළිඳා කැලේට විසිකළ මව අත්අඩංගුවේ

අවිවාහක අවුරුදු 19ක තරුණ මවක අද (08) පස්වරු 6 ට පමණ ප‍්‍රසූත කළ බිළිඳු දරුවෙකු තම නිවසේ ගෙවත්තේ දමා තිබීයදී ආගරපතන ඩයගම පොලීසිය මඟින් අද රාත‍්‍රී 7 ට පමණ සොයාගෙන තිබේ.

පොලීසියට ලැබුණු තොරතුරක් මත ගෙවත්ත පරික්ෂා කිරීමේදී මෙම බිළිදා සොයාගත් බව ඩයගම පොලීසිය පවසයි.


සොයාගත් බිළිඳා ඩයගම ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ප‍්‍රසූත කළ මවද සැකපිට පොලීස් අත් අඩංගුවට ගෙන ඇත.


නිවසේ තවත් පවුලේ සාමාජිකයන් සිටින අවස්ථාවේ දරු ප‍්‍රසූතිය සිදුවී ඇති බව පොලීසිය කියයි.



Post a Comment