ඉදිරි ජනාධිපතිවරණයට අදාළ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට (19) දිනයේ එළිදක්වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
එම පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ දින 100 ක වැඩපිළිවෙළක් අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් බවයි.
නවගත්තේගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන රැලි 02ක් අද මුලතිව් සහ කිළිනොච්චි නගරවලදී පැවැත්වීමට නියමිතය.

Post a Comment