විභාගය ඉවරයි නම් ගෙදර යන්න - පාසලේ දේපළ වලට හානි කරන්න එපා

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වෙයි.

පසුගිය 09 වන දිනෙන් ආරම්භ වු සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් පන්ලක්ෂ 78,135 දෙනෙකු සුදුසුකම් ලබා සිටියහ.


අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන්වීමෙන් අනතුරුව විභාග පරිශ්‍ර තුළ අනවශ්‍ය ලෙස රැඳී සිටීමෙන් වළකින ලෙස විභාග දෙපාර්තමේන්තුව සියලු විභාග අපේක්ෂකයින් ගෙන් ඉල්ලීම්ක කර තිබේ.


විභාගය අවසන්වීමෙන් අනතුරුව විභාග මධ්‍යස්ථාන ලෙස භාවිත කළ පාසැල් පරිශ්‍රයන්ට හානි සිදුනොකළ යුතු බව විභාගකොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.


එවැනි ක්‍රියා වල නිරත වන අය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස විභාග කොමසාරිස්වරයා ඉල්ලීමක් කරයි.


එවැනි ක්‍රියාවල නිරත වු බවට තහවුරු වන විභාග අපේක්ෂකයික්ගේ ප්‍රතිඵල අත්හිටුවීමට පියවර ගන්නා බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.



Post a Comment