ඡන්දය කල් තැබීම ගැන තීරණයක් නෑ

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මැතිවරණ දිනය කල්දැමීම පිළිබඳව මේ වන තෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

පවතින තත්ත්වය හමුවේ මැතිවරණ දිනය කල්දමන බවට ඇතැම් පුද්ගලයින් විවිධ මත පළ කළ ද එම ප්‍රකාශ වල කිසිදු සත්‍යතාවක් නොමැති බව එම කාර්යාලය සඳහන් කළේය.


කෙසේ වෙතත් මෙම තත්ත්වය දිගටම පැවතියහොත් ලබන 03 වනදා පැවැත්වෙන පක්ෂ ලේකම්වරුන්ගේ හමුවේ දි මේ පිළිබඳව සාකච්ඡා කරන බව ද මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කර සිටියේය.


මීට අමතරව 04වනදා සහකාර තේරිම්භාර නිලධාරිවරුන් සමග ද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබේ.


මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිමේ කාලය තවදුරටත් දීර්ඝ කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේය.


අතිරේක මැතිවරණ කොමසාරිස් යූ අමරදාස මහතා සඳහන් කළේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් අදාළ කාලය ලබා දි ඇති බවයි.



Post a Comment