ජේ.ආර්ගේ සුදු හඳුන් ගස කපන්න හදලා

හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ රෝපණය කර තිබු සුදු සඳුන් ගසක් කපාගෙන යාමට කිසියම් පිරිසක් උත්සහ කිරීමේ සිද්ධියෙන් පසු එම උද්‍යානය තුළ ආරක්ෂාව තර කිරිමට තීරණය කර තිබේ.

මීට මාසයකට පමණ පෙර එම සඳුන් ගස කපාගෙන යාමට කිසියම් පිරිසක් උත්සහ කර තිබු බව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා සඳහන් කළේය.


ඒ අනූව එම ගසේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු කියා සිටියේය.



Post a Comment