මව්බිම ගොඩනැඟීමට එක්වීම සියලු දෙනාගේ වගකීමක්

බොරු ප්‍රචාර වලට නොරැවටී රජයේ ස්ථාවරත්වය රැකගෙන මව්බිම ගොඩනැගීමට එක්වීම සියලු දෙනාගේ වගකීම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අස්ථාවර ආණ්ඩුවක් සහිත රටකට සංවර්ධනය කරා ගමන් කළ නොහැකි බවයි.


එමෙන්ම පඹයින් වැනි නායකයින් බලයට පත් කරගෙන මෙරටට එම ඉරණම උදා කිරීමට බටහිර ජාතින් උත්සහ කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.


දීර්ඝ කාලයක සිට සමථ මණ්ඩලය නියෝජනය කළ සාමාජිකයින්ට උපහාර පිදීමේ උත්සවයකට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.


ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත් රට වෙනත් ආකාරයකින් යටත් කරගැනිමට ඉඩ නොතබන බවත්, දේශපාලන කටයුතු සිදුකරන්නන්ට හසු නොවී රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් රට ගොඩනැගීමට සියලු දෙනා එක්විය යුතු බවත්, ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.


මෙරට සංස්කෘතියට බටහිර සංස්කෘතින් ඇතුළත් කිරීමට ඉඩ දිය නොහැකි බව ද සංස්කෘතිය හා බැදුණු නීති රීති ක්‍රියාත්මක කරමින් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.



Post a Comment