ආනයනික සහල්වල කිසිදු ගැටලුවක් නෑ

ආනයනික සහල්වල විෂ රසායන ද්‍රව්‍ය අඩංගු බවට පැතිර යන කටකතා සම්පූර්ණයෙන්ම අසත්‍යය බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශය පවසයි.

මෙරටට සහල් ආනයනය කිරිමට පටන්ගැනිමත් සමඟ ඒවායේ විෂ රසායනික ද්‍රව්‍ය පවතින බවට ඇතැම් ව්‍යාපාරිකයින් විසින් සිදුකළ ප්‍රකාශ පිළිබඳව අදහස් දක්වමින් සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශය මේ බව ප්‍රකාශ කර තිබේ.


ඔවුන් පවසන්නේ මෙරටට සහල් ආනයනය කිරිම නියමිත ප්‍රමීතින්ට අනුව සිදු කෙරෙන බවයි.


ඉන්දියාවේ සිට මේ වන විට මෙරටට සහල් ආනයනය කරනු ලබන අතර එම සහල් ඉන්දියාව තුළ අවස්ථා කිහිපයක දි පරික්ෂාවට ලක් කෙරෙන බව ද එම අමාත්‍යංශය සඳහන් කර සිටියේය.


මේ හේතුවෙන් ආනයනික සහල් පරිභෝජනයට ගැනිමේ දි කිසිදු බියක් ඇති කරගත යුතු නොවන බව ද අභ්‍යන්තර වෙළද කටයුතු අමාත්‍යංශය පවසයි.



Post a Comment