ජනපතිවරණයට නාමයෝජනා බාරදීමේ අවසන් දිනය වන අද මේවන විට මැතිවරණ මහලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය සම්පූර්ණයෙන් වසා දමා තිබේ.
ජනාධිපතිවරණය සඳහා දැනටමත් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් හා ස්වාධීන කණ්ඩායම් 2ක් නාමයෝජනා බාරදී ඇති අතර ඒ අනූව දැනට අපේක්ෂකයින් 19 දෙනෙකු මෙවර ජනපති පුටුවට තරඟ වැදීමට නියමිතය.
මෛත්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණි අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, ද සිය නාමයෝජනා පත්‍රය බාරදීමට පැමිණීමට නියමිතව තිබේ.
නාමයෝජනා බාරදීමට අපේක්ෂකයින් සමග ඔවුන්ට සහය පළ කරමින් අපේක්ෂකයින් පැමිණීමත් සමග රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලය අවට දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ද පොලීසිය විසින් යොදා තිබේ.

Post a Comment