නාවුල ගම් කිහිපයක් ජලයෙන් යටවෙයි - විදුලියත් නෑ - ප්‍රදේශයම අඳුරේ!

බෝවතැන්න ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් අඹන්ගඟ පිටාර ගැලීමෙන් ගලා නාවුල ප්‍රදේශයේ ගම්මාන තුන හතරක් පමණ අඩි 5ක පමණ ජල කඳකින් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල්කුමාර මහතා පැවසුවේ තමන්ට දැනට ලැබී ඇති තොරතුරු අනූව පවුල් 20ක් පමණ ඉවත් කර ඇති බවයි.


එසේම අවදානම් මට්ටමේ සිටින පවුල් වලට තවදුරටත් ඉවත් වන ලෙසට දැනුම්දී ඇති බවද මේවන විට එම ප්‍රදේශයට විදුලි සැපයුමද බිඳ වැටී ඇති බව හෙතෙම කීවේය.


කෙසේ වුවද ආපදා කළමනාකරණ නිලධාරීන් හා පොලීසිය එම ස්ථානවලට ගොස් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද සරත් ලාල් කුමාර මහතා කියා සිටියේය.


මේ අතර දැදුරු ඔයේ වාන් දොරටු විවෘත කර ඇති බවද ඒ මහතා පැවසීය.



Post a Comment