අද පස්වරුවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් උත්තරීතර මණ්ඩලය රැස්වීමට නියමිත බව එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ඉදිරි ජනාධිපතිවරණයේ දී කුමන අපේක්ෂකයෙකුට සහයෝගය දෙන්නේ ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙතෙක් අවසන් එකඟතාවකට පැමිණ නැත.
අද දිනයේ දී ඒ පිළිබඳ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලයේ අවධානය යොමුවනු ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඇතුළු නියෝජිත පිරිසක් පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පවත්වනු ලැබීය.
එහිදී සිය පක්ෂයේ යෝජනා ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ අතර ඊට ඔහු දැක්වු ප්‍රතිචාර පිළිබඳව අද දිනයේ උත්තරීතර මණ්ඩලයේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කළේය.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී කුමන අපේක්ෂකයෙකුට සහය දෙන්නේ ද යන්න මෙතෙක් තීරණය කර නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
එම සන්ධානය සඳහන් කළේ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා සම්බන්ධයෙන් සැහීමකට පත්විය නොහැකි බවයි.
කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණයේ දී තම පක්ෂයේ ස්ථාවරය ඉදිරියේ දී ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.

Post a Comment