කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්ච් මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිස්න මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.
අද පෙරවරුවේ කොටිකාවත්ත ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රසන්න සෝලංගආරච්චි මහතා මේ බව සඳහන් කළේය
පසුගිය කාලයේ සිදුවු සිද්ධීන් කිහිපයක් හේතුවෙන් තමා කලකිරීමට පත්ව සිටින බව ඔහු සඳහන් කර සිටියේය.
තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැඳී සිටිමින් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දක්වන අතර කිසිවිටකත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා නොගන්නා බව එම මාධ්‍ය හමුවේ දී ප්‍රසන්න සෝලංගආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Post a Comment