ඉදිරි ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 52 ලැබී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
එම පැමිණිලි අතර ප්‍රචණ්ඩ ක්‍රියා 13ක් සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධ පැමිණිලි 39ක් වන බව වාර්තා වෙයි.
වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති අතර එම පැමිණිලි සංඛ්‍යාව 07කි.
මහනුවර දිස්ත්‍රික්කයෙන් ද පැමිණිලි 4ක් මේ වන විට ලැබී තිබේ.
වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ රාජ්‍ය නිලධාරීන් දේශපාලන කටයුතුවලට යොදාගැනීම, රාජ්‍ය නිලධාරීන් ස්ථාන මාරුකිරීම් හා උසස්වීම් ලබාදීම, රාජ්‍ය දේපල අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධ පැමිණිලි බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

Post a Comment