මේ වසරේ ගත වු කාලය තුළ දිවයින පුරා වැටලීම් 35,000ක් සිදුකර ඇති බව පාරිභෝගික අධිකාරිය පවසයි.
එම අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා සඳහන් කළේ අදාළ වැටලීම් වලින් දඩ මුදල් වශයෙන් රුපියල් මිලියන 90ට අධික ආදායමක් උපයාගෙන ඇති බවයි.
පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ අලෙවි කිරීම, කල් ඉකුත් වු භාණ්ඩ අලෙවි කිරීම, කල් ඉකුත් වීමේ දිනය වෙනස් කිරීම, භාණ්ඩ තොග සැඟවීම ආදී වැරදි සම්බන්ධයෙන් මෙම වැටලීම් සිදුකර තිබේ.
ලැබුණු පැමිණිලිවලට අනුව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් දිවයින පුරා වැටලීම් සිදුකර ඇති අතර වැඩිම වැටලීම් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කය තුළ සිදුකර ඇති බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළේය.
ඉදිරි උත්සව සමයේදී ද අඛණ්ඩව වැටලීම් සිදුකරන බව පාරිභෝගික අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Post a Comment