රනිල් ආවා නම් සටන මීට වඩා උණුසුම්!

ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වුයේ නම් මීට වඩා සටනක් බලාපොරොත්තු වීමට තිබූ බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වීමත් සමඟ විපක්ෂයේ පක්ෂවල සම්පූර්ණ සහය ඔහුට නොලැබෙන බවයි.


එම නිසා ජනවාරි 08 වැනිදා ඡන්ද ප්‍රතිඵලය මේ වන විටත් ප්‍රකාශ කළ හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.


කවර ආකාරයෙන් ගණන් හදා බැලුවද අවසානයේ ජනපති වන්නේ මහින්ද රාජපක්ෂ මහතා යැයි ඒ මහතා ඊයේ රාත්‍රී ටී.වි. දෙරණ ඔස්සේ විකාශය වු 360 කාලීන දේශපාලන වැඩසටහනට එක්වෙමින් කියා සිටියේය.



Post a Comment