මධ්‍යම කඳුකරයට දැඩි මීදුම් තත්ත්වයක්

ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට ඝන මීදුම් තත්ත්වයක් හටගෙන තිබේ.

හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේත්, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල හැටන් දක්වා ප්‍රදේශයේත් මෙම ඝන මීදුම් තත්ත්වය හටගෙන ඇති බව වාර්තා වෙයි.


මේ අතර මීදුම පවතින අවස්ථා වල රථ වාහන වල ප්‍රධාන ලාම්පුව දල්වාගෙන ධාවනය කිරිම පිළිබඳ රියදුරන් දැනුවත් කිරිමේ වැඩසටනක් පොලිසිය විසින් ආරම්භ කර තිබේ.


එමෙන්ම මාර්ගය ලිස්සන සුළු බැවින් රථ වාහන ධාවනය කිරිමේ දි සුපරික්ෂාකාරි ලෙස ධාවනය කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක්ද සිදුකරයි.



Post a Comment