දැරියට අතවර කරන්න මාමාත් හවුල්?

වයස අවුරුදු 13 බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ බව කියන අවුරුදු 25ක විවාහක තරුණයෙකු හා වයස අවුරුදු 18ක තරුණයෙකු ඌරුබොක්ක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඌරුබොක්ක, ගින්නලිය ප්‍රදේශයේ දැරියක මෙලෙස අතවරයට ලක්ව ඇති අතර සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන පොලීසිය දැරියට අතවර කළ බවට සැක ඇයගේ මාමා (40) කෙනෙකු හා තවත් පුද්ගලයෙකුද (45) අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කරන බව කියයි.


අත්අඩංගුවට ගත් දෙදෙනා මොරවක උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 9 වැනිදා තෙක් රිමාන්ඩ් කර ඇති බව අප වාර්තාකරු පැවසීය.


අතවරයට ලක්වූ දැරිය මාතර රෝහලට ඇතුළත් කර ඇත.



Post a Comment