යාපනයේ ඒඩ්ස් රෝගීන් 13ක්

පසුගිය කාල සීමාව තුළ යාපනය දිස්ත්‍රීක්කයේ ඒඩ්ස් රෝගින් 13 දෙනෙකු වාර්තා වී ඇති බව යාපනය දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි එස්. ගුරුගරන් මහත්මිය පවසයි.

එම රෝගින් අතර කාන්තාවන් 05 දෙනෙකු ද සිටින බව වාර්තා වේ.


පසුගිය කාලය තුළ යාපනය දිස්ත්‍රික්කයෙන් ඒඩ්ස් රෝගයට ගොදුරු වූ පුද්ගලයින් 70 දෙනෙකු පමණ හඳුනාගෙන ඇත.


ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් යාපනය ප්‍රදේශවාසින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි එස් ගුරුගරන් මහත්මිය මහත්මිය මෙය ප්‍රකාශ කර තිබේ.



Post a Comment