නායයාම් ගැන සැක තැන් 3500 ක්

දිවයිනේ නායයෑම් සිදුවිය හැකි බවට සැක කරන ස්ථාන 3500 ක් පමණ වාර්තාවී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මෙම ස්ථාන පිළිබදව ජනතාව විසින් තොරතුරු ලබා දී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නානයෑම් සේවා අධ්‍යක්ෂ ආර්.එම්.එස්.බණ්ඩාර මහතා සදහන් කළේය.


ඉන් වැඩිම ස්ථාන සංඛ්‍යාවක් බදුල්ල දිස්ත්‍රීක්කයෙන් වාර්තා වන අතර නුවරඑලිය, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රීක්ක වලින් ද එවැනි ස්ථාන පිළිබදව තොරතුරු ලැබී තිබේ.


අදාළ සියළුම ස්ථාන පිළිබද පරීක්ෂා කර අවශ්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කරමින් සිටින බව ආර්.එම්.එස්.බණ්ඩාර මහතා සදහන් කළේය.


පසුගිය දා මීරියබැද්ද ප්‍රදේශයේ සිදුවු නායයෑමේ සිද්ධියෙන් අනතුරුව ජනතාව මේ පිළිබද වැඩි උනන්දුවක් දක්වන බවත් එය යහපත් ප්‍රවණතාවක් බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් කියා සිටියි.



Post a Comment