“සටනක් දෙන්න පෙනෙන තෙක් මානයේ කෙනෙක් නෑ කිවුවා ජයග්‍රාහී පරාජිතයා කවුදැයි කියලා ඇහුවා, හැබැයි එහෙම කියනකුට එයා දැනගෙන හිටියේ නෑ අරලියගහ මන්දිරය ඇතුළෙමයි ඉන්නේ එයා පරාජය කරන මිනිහා ඉන්නේ කියලා ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාට මඩ ගහන්න පොත් ගැහුවා කරන්න තියෙන දේ ඔක්කොම කළා“. යනුවෙන්ද හෙතෙම පැවසුවේය.
“ දැන් ආණ්ඩුවේ මැති ඇමතිවරු කියනවා කොහොම හරි දිනනවා මොනවා හරි කරලා දිනනවා“ යනුවෙන් පැවසූ සිරිසේන මහතා “ මහින්ද රාජපක්ෂ මහත්තයාටයි ඔහු වටා ඉන්න හොර රැළටයි කියනවා එහෙම කරන්න බෑ අපි ජනතා බලයෙන් 8 වැනිදා අලුත් ආණ්ඩුවක් හදනවා“ යැයි එහිදී කියා සිටියේය.
මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය බිඳ වැටී ඇති බවත්, සරසවි සිසුන් වහලුන් බවට පත්කර ඇති බවත් එස්.බී දිසානායක මහතාට ඒ සඳහා “ලොකු උන්නැහේගේ“ ආශිර්වාදය ලැබෙන බවද හෙතෙම පැවසීය.
මේ නිසා සරසවි සිසුන්, ආචාර්යවරුන් සියයට 99ක් ආණ්ඩුවට විරුද්ධව කටයුතු කිරීමට තීරණය කර අවසන් බවද සිරිසේන මහතා කියා සිටියේය.

Post a Comment