තිස්ස දාලා පළාත් පාලන මැතිවරණයක් දිනලා පෙන්වන්න

තිස්ස අත්තනායක මහතා පළාත් පාලන මැතිවරණයකට ඉදිරිපත් කොට ජයග්‍රහණය කර පෙන්වන්නැයි දකුණු පළාත් සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු වන මෛත්‍රී ගුණරත්න මහතා ආණ්ඩුවට අභියෝග කරයි.

අත්තනායක මහතා තමන් සංවිධායකධූරය දැරූ කුණ්ඩසාලේ ආසනය පවා පරාජයට පත්වූවෙක් බවද, එම ආසනයෙන් එජාපයට හිමිවුයේ තෙවැනි ස්ථානය බවද හෙතෙම පෙන්වාදෙයි.


මේ නිසා තිස්ස අත්තනායක මහතා එහි ආසන සංවිධායකධූරයෙන් පවා ඉවත් වූ බවද පෙන්වාදෙන මෛත්‍රී ගුණරත්න මහතා මේ නිසා ඔහු දේශපාලන පරාජිතයෙක් බවද මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.


කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටි අතර එහිදී අදහස් දැක්වූ එම පක්ෂයේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ශිරාල් ලක්තිලක මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයට රංජිත් මද්දුමබණ්ඩාර මහතා හෝ ඉමිටියාස් බාකිර් මාකර් මහතා වැනි අයෙකු පත් කළ යුතු බවයි.



Post a Comment