නිට්ටඹුව, රදාවඩුන්න ප්‍ර දේශයේ සිදුවු රිය අනතුරකින් කුඩා දරුවෙකු සහ පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා තිබේ.
මහවනුර සිට කොළඹ බලා ධාවනය වු වෑන් රථයක් කොළඹ දෙස සිට මහනුවර දෙසට ධානවය වු ලොරි රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
අනතුරෙන් වෑන් රථයේ ගමන් කළ 08 දෙනෙකු කෑගල්ල රෝහලට ද, 05 දෙනෙකු වරකාපොළ රෝහලට ද ඇතුළත් කර තිබේ.
මියගොස් ඇත්තේ වයස අවුරුදු එකහමාරක කුඩා දරුවෙකු සහ 50 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කළේය.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Post a Comment