මුස්ලිම් කොංග්‍රසයට අද තීරණාත්මකයි

එළඹෙන ජනාධිපතිවරණයේ දී සහය දක්වන අපේක්ෂකයා කවුරුන් දැයි අද තීරණය කරන බව ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ පක්ෂයේ උත්තරීතර මණ්ඩලය අද පස්වරුවේ රැස්වීමට නියමිත බවයි.


පක්ෂ නායක රවුෆ් හකීම් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් උත්තරීතර මණ්ඩලය රැස්වීමට නියමිත බව සඳහන්ය.


එහි දී එලබෙන ජනාධිපතිවරණයේ දී සහය දක්වන අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණයකට එළඹෙන බව මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රකාශකයා පැවසුවේය.


මීට පෙර අවස්ථාවකදී ද මේ සම්බන්ධයෙන් තීරණය කිරිම සඳහා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය රැස් වු ද අවසන් නිගමනයකට එළඹීමට නොහැකි වුණි.


පක්ෂයේ දෙපිරිසක් මත දෙකකට එලබි සිටීම හේතුවෙන් අදාළ තීරණය ගැනීමට නොහැකී වු බව මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රකාශයා පැවසුවේය.



Post a Comment