උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කිරීමට නියමිතව තිබේ.

විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්ප කුමාර මහතා පැවසුවේ අද පස්වරුව වන විට ප්‍රතිඵල නිකුත් කිරිමට අපේක්ෂා කරන බවයි.


විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ අදාල ප්‍රතිඵල නිකුත් කරන බව පුෂ්ප කුමාර මහතා පැවසුවේය.


2014 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් දෙලක්ෂ 34,197 දෙනෙකු පෙනී සිටින ලදී.


පුද්ගලික අයදුම්කරුවන් 62,116 දෙනෙක් ඊට පෙනී සිටි අතර මධ්‍යස්ථාන 2120 දී විභාගය පැවැත් වුණි.



Post a Comment