හොර බඩු සමඟ කත අල්ලයි

නිතී විරෝධී ලෙස රන් භාණ්ඩ තොගයක් මෙරටින් රැගෙන යාමට උත්සහ දැරු කාන්තාවක කටුනායක ගුවන්තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය සතුව තිබී රන්මාල 2ක්, රන් කාසි 3ක් සහ රන් මුදු 3ක් රේගු බාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පැවසුවේය.


අදාල රත්තරං තොගයේ බර ග්‍රැම් 358 වන අතර එහි වටිනාකම රුපියල් දාහත් ලක්ෂ 90,000 බව ලෙස්ලි ගාමිණි මහතා සඳහන් කළේය.


අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප්‍රද්ශයේ පදිංචි 49 හැවිරිදි කාන්තාවකි.


ඇය යු එල් 121 දරණ ශ්‍රි ලංකන් ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි බලා යෑමට සුදානම් ව සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.



Post a Comment