මුතුහෙට්ටිගම අත්අඩංගුවටගන්න ජාත්‍යන්තර පොලීසියේ සහය ගන්නවා

සුළු අපනයන බෝග ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිෂාන්ත මුතුහෙට්ටිගම මහතා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහය අපේක්ෂා කරන බව පොලිසිය පවසයි.

නිෂාන්ත මුතුහෙට්ටිගම මහතා අත්අඩංගුවට ගැනීමට පසුගිය දා බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කරන ලදී.


ඒ වඳුරඹ ප්‍රදේශයේ පැවති විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලන වේදිකාවකට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙනි.


කෙසේ වෙතත් ඔහු මේ වනවිට විදෙස් ගතවී ඇති බව වාර්තා වුණි .


මේ සම්බන්ධයෙන් අද දෙරණ සමඟ අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ නියෝජ්‍ය අමාත්‍ය නිෂාන්ත මුතුහෙට්ටිගම මහතා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහය අපේක්ෂා කරන බවයි.



Post a Comment