මැතිවරණ පැමිණි 400යි - 53ක් අත්අඩංගුවේ

මැතිවරණ නීති උල්ලංඝණය කිරිම සම්බන්ධයෙන් පැමිණිලි 400කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව පැපරල් සංවිධානය පවසයි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ රාජ්‍ය බලය අයතා ලෙස භාවිතා කිරිම, රාජ්‍ය සම්පත් මැතිවරණය සඳහා යොදා ගැනීම පිළිබඳව ද පැමිණිලි ලැබී ඇති බවයි.


මේ අතර මැතිවරණ නීති කඩකිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 53 දෙනෙක් අත්අඩංගුවට ගෙන අති බව පොලිස් මැතිවණ ලේකම් කාර්යාලය පවසයි.


ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට පැමිණිලි 113 වාර්තා වී ඇති බව එම කාර්යාලය සඳහන් කළේය.


ඉන් වැඩිම පැමිණිලි ප්‍රමාණයක් මහනුවර පොලිස් කොට්ඨාශයෙන් වාර්තා වන අතර එම ගණන 13කි.


රත්නපුර කොට්ඨාශයෙන් 11ක්, කොළඹ දකුණ කොට්ඨාශයෙන් 10ක් , අනුරාධපුර කොට්ඨාශයෙන් 09ක් නුගේගොඩ කොට්ඨාශයෙන් පැමිණිලි 08ක් වාර්තා වී තිබේ.



Post a Comment