තවදුරටත් මහ වැසි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් 15 දෙනෙකු අතුරුදන්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක සරත් ලාල්කුමාර මහතා සඳහන් කළේ විපතට පත්වූවන්ගේ සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවන බවයි.


මධ්‍යම කඳුකර ප්‍රදේශවල ගමනාගමනයේ දී වඩා සැලකිලිමත් විය යුතු බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.


මේ අතර දැනට පවතින අඩු පීඩන තත්ත්වය දිවයින ආශ්‍රිතව ස්ථානගතව පවතින බැවින් වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා සඳහන් කළේ දිවයින වටා මුහුදු ප්‍රදේශ ද රළු ස්වභාවයක් ගත හැකි බවයි.



Post a Comment