ඉන්දීය ධීවරයින් 43 ක් අත්අඩංගුවේ

යාපනය,ඩෙල්ෆ් මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 43 දෙනෙකු ඊයේ(09) රාති‍්‍රයේ උතුරු නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය ධීවර පරීක්ෂක කාර්යාල නියෝජ්‍ය අධ්‍යක්ෂ නඩරාජා ගනේෂමූර්ති මහතා පැවසුවේ දකුණු ඉන්දියාවේ සිට ට්‍රෝලර් යාත‍්‍රා පහකින් පැමිණ උතුරු මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලූ ධීවරයින් පිරිසක් එලෙස අත්අඩංගුවට ගත් බවයි.


අත්අඩංගුවට ගත් ධිවරයින් අද(10) කයිට්ස් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බැව්ද යාපනය දිස්ති‍්‍රක් ධිවර පරීක්ෂක කාර්යාල නිලධාරීන් පැවසීය.


සිද්ධිය සමිබන්ධයෙන් යාපනය දිස්ති‍්‍රක් ධීවර පරීක්ෂක කාර්යාලය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



Post a Comment