අලි 4ක් බුලත් කොළයට

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් සිව්දෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට ඉදිරිපත්ව තිබේ.

ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුම් කාර්යාලය සඳහන් කළේ එම පිරිස අද පෙරවරුවේ අරලියගහ මන්දිරයට පැමිණ ජනාධිපතිවරයාට සහය පළ කරන බව දැනුම් දුන් බවයි.


මාතලේ නාගරික මන්ත්‍රී තුෂාර ප්‍රනාන්දු, මාතලේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී අසිත සේනාරත්න, දොඩංගොඩ ප්‍රාදේශිය මන්ත්‍රී බී.ජේ.ඒ.යු සිරිසේන, ඌව පරණගම ප්‍රාදේශිය මන්ත්‍රී ඩී.එම් සිරිසේන යන මහත්වරුන් මෙම පිරිසට ඇතුළත්ය.



Post a Comment