අධිවේගයෙන් කසළ තේ ඇද්ද දෙන්නෙක් මාට්ටු

කසළ තේ කිලෝග්‍රෑම් 6000ට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දක්ෂිණ අධිවේගි මාර්ගය ඔස්සේ අම්බලන්ගොඩ සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් පොලිසිය විසින් පරික්ෂා කිරිමේ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අදාළ ලොරියේ තිබී කසළ තේ කිලෝග්‍රෑම් 6355ක් පොලිස් බාරයට ගෙන තිබේ.


සැකකරුවන් 42 හැවිරිදි සහ 55 හැවිරිදි දොලොස්බාගේ හා මුරුතගහමුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පැවසුවේය.



Post a Comment