ඉන්දියාවේ නාවික හමුදාවට අයත් නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
සුකන්යා ලෙසින් හැඳින්වෙන මෙම නෞකාව කොළඹ වරායට සේන්දුවී ඇති බව සඳහන්ය.
නාවික හමුදා නෞකා පිලිගන්නා සාම්ප්‍රදායික ක්‍රමවේදයට අනුව අදාළ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිළිගෙන තිබේ.
කමාන්ඩර් දොරයි බාබු මහතා එහි අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කරන බව සඳහන්ය.
ටොන් 1890ක බරකින් යුත් මෙම සුකන්යා නෞකාව මීටර් 101ක දිගකින් යුක්තය.
නාවික භටයින් 165 දෙනෙකු එහි රාජකාරීයෙහි නිරතව සිටියි.
එළගබෙන 12 වැනිදා දක්වා මෙම නෞකාව කොළඹ වරායේ නැංගුරම්ලා තැබෙනු ඇත.

Post a Comment