දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනයේ ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
ඊයේ(09) රාත්‍රී 11.20 ට පමණ වන අලි දෙදෙනෙකු ගේ ගැටී දුම්රිය පීලි පැනීම සිදුව ඇති බව සඳහන්ය.
අඹන්පොළ සහ ගල්ගමුව අසළ ප්‍රදේශයේ දී අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.
කොළඹ කොටුවෙන් රාත්‍රී 7.45ට යාපනය බලා ගමන් ආරම්භ කළ දුම්රිය මෙම අනතුරට ලක්ව ඇති බව සඳහන්ය.
අනතුරෙන් වන අලි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
දුම්රිය මගීන් කිසිවෙකුට අනතුරක් සිදුව නොමැති බව පොලිසිය පවසයි.
දුම්රිය මාර්ගය පිළිසකර කිරීමෙන් අනතුරුව දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කරන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

Post a Comment