හංසයාට වැඩකළ වෙන්නපුව සභාපති ඇතුළු පිරිසකට ප්‍රහාරයක්

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට ජය පතා කොළින්ජාඩිය ප්‍රදේශයේ ප්‍රචාරක කටයුතු වල යෙදී සිටි වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රි ෂෙරෝන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසකටඅද සවස 4.30 ට පමණ කිසියම් පිරිසක් පැමිණ පහරදී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි.

‍මේ පිරිස මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට බාධාකර පහරදී තර්ජනය කර එලවා දැමු බව පහර කැමට ලක්වු පිරිස පොලිසියට පැමිණ පැමිණිලි කර ඇත.


ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා ඇතුළු තරුණයන් පිරිසක් අද සවස පොදු අපේක්ෂකයාගේ රැව සහිත පොස්ටරයක් බෙදමින් වෙල්ලමංකරයේ සිට කොළින්ජාඩිය ප්‍රදේහයේ ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ලවී තිබේ.


මෙම ප්‍රහාරය කොළින්ජාඩිය ප්‍රදේශයේම පිරිසක් විසින් සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, ඔවුන් අත් අඩංගුවට ගැනිමට පරික්ෂණ පවත්වන බවත්, පොලිසිය කියයි.


සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව මුලස්ථාන ප්‍රදාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතාගේ උපදෙස් අනුව පරික්ෂණ පවත්වයි.



Post a Comment