බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයට පස් කන්දක් කඩා වැටී තිබේ.
මේ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇත.
හාලිඇල සහ දෙමෝදර යන ප්‍රදේශ අතර පිහිටි උඩුවර තේ වතුයායේ කොටසක් මෙලෙස නාය යැමට ලක්ව ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
මේ හේතුවෙන් අදාල මාර්ගයේ රථ වාහාන ගමනාගමනයේ දී විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලයි.

Post a Comment