නවසීලන්තයට කඩුලු 8ක විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

මෙම තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය ලකුණු 441යි.


බ්‍රෙන්ඩම් මැකලම් ලකුණු 195යි.


ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 138යි.


ඉනිමක පරාජයෙන් ගැලවීමට පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව දෙවන ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 407යි.


දෙවන ඉනිමේදී දිමුත් කරුණාරත්න ලකුණු 152ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට සමත් විය.


ඒ අනූව නවසීලන්තයට තරඟය ජය ගැනීම සඳහා ලකුණු 105ක ඉලක්කයක් හිමිවූ අතර ඔවුන් කඩුලු 2ක් පමණක් දැවී ජය වාර්තා කළේය.


තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟය ලබන 3 වැනිදා ආරම්භ වීමට නියමිතය.



Post a Comment