තව කට්ටිය එන්න ඉන්නවා

ආණ්ඩුවෙන් තවත් මැති ඇමතිවරු පිරිසක් ඉවත්වීමට සුදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසයි.

අද(01) එ.ජා.ප. මුලස්ථානය වන සිරිකොත මන්දිරය වෙත පැමිණි නවීන් දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේය.


එසේම තමන් ඉදිරියට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් සහය ලබාදෙන බවත්, විනිවිධභාවයක් ඇති ජනාධිපති ක්‍රමයක් ඉදිරියේදී සකස් කරන බවත් හෙතෙම එහිදී කීවේය.


එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ තමාගේ ෆයිල් ජනාධිපතිවරයා සතුව ඇත්තේ නම් ඒවා පැය විසි හතරක් ඇතුළත ප්‍රසිද්ධ කරන ලෙසයි.


කෙසේ වෙතත් තමන් එ.ජා.ප. සාමාජිකත්වය ලබා ගැනීමට අදහසක් නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



Post a Comment