මෛත්‍රීය සහය පළ කළ ප්‍රා.මන්ත්‍රීට ප්‍රහාරයක්

ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින පොදු අපේක්ෂකයාට සහායදීම සඳහා එක්වූ තමන්ට ප්‍රහාරයක් එල්ල වූ බව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ශිරෝන් (එ.ජ.නි.ස)ප්‍රනාන්දු මහතා වෙන්නප්පුව පොලීසියට පැමිණිලි කරමින් පවසා තිබේ.

අද (01) දහවල් 1.00 ට පමණ වෙන්නප්පුව - බෝලවත්තේ පිහිටි තම නිවසේදී මෙම ප්‍රහාරය එල්ල වූ බව සිද්ධියට මුහුණ දුන් හෙතෙම සඳහන් කරයි.


තමන් පසුගිය 30 වැනිදා පොළොන්නරුවේදී පොදු අපේක්ෂකයාට සහාය පළකිරීම සඳහා එක්වූ බවත්, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතාගේ ආධාරකරුවෙකු යතුරුපැදියකින් පැමිණ මෙලෙස පහරදී පලාගිය බවත් ඔහු පොලීසියට පවසා ඇත.


සිද්ධියට සම්බන්ධ අය හඳුනා ගෙන ඇති නමුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.


වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.



Post a Comment