ඝන පූර්ණය නෑ - බස්නාහිර සභාව කල්දමයි

ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් බස්නාහිර පළාත් සභාව හෙට පෙරවරු 9 දක්වා කල් තැබීමට තීරණය කර තිබේ.

අද පස්වරු 3.29ට පමණ එජාප පළාත් සභා මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා සභාවේ ඝන පූර්ණය නැති බව පැවසීමෙන් අනතුරුව එය හෙට පෙරවරු 9 දක්වා කල් තැබීමට මහඇමති ප්‍රසන්න රණතුංග මහතා තීරණය කර ඇත.


බස්නාහිර පළාත් සභාවේ ලබන වසර සඳහා වන අය වැය විවාදය අද ආරම්භ වූ අතර ඊට ජාතික හෙළ උරුමයේ නි‍යෝජිතයින් සහභාගි වී සිටියේ නැත.



Post a Comment