මෛත්‍රී දළදා වඳියි

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා දළදා සමිදුන් වැදපුදාගෙන ආශිර්වාද ලබාගෙන තිබේ.

අද පෙරවරුවේ ඔහු මෙලෙස ආශිර්වාද ලබාගත් බව අද දෙරණ වාර්තාකරු සදහන් කළේh.


එම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම කරුජයසූරිය, රවී කරුණානායක, සූජීව සේනසිංහ, ලක්ෂ්මන් කිරිඇල්ල, පාඨලි චම්පික රණවක, අර්ජුණ රණතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.


දළදා සමිදු වැඳ පුදාගැනීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස මල්වතු මහා විහාරය වෙත ගොස් තිබේ.


මල්වතු පාර්ශවයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි බැහැදුටු මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස උන්වහන්සේගේ ආශිර්වාද ලබාගෙන කෙටි පිළිසදරක නිරත වු බවද අද දෙරණ වාර්තාකරු සදහන් කළේය.


මේ අතර නාමයෝජනා බාරදීමෙන් පසු මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වන මංගල ජන රැළිය ද අද පස්වරුවේ මහනුවරදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.



Post a Comment