සචිත්‍ර ගොඩයයි!

පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා ලැබ තරඟ තහනමකට ලක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට යළිත් ජාත්‍යන්තර තරඟවලට සහභාගිවීමේ අවස්ථාව උදා වී තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සචිත්‍ර සේනානායක එම වරද නිවැරදී කරගෙන ඇති බව තහවුරු කිරීම නිසා ඔහුට යළි ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවී ඇත.


පසුගිය ජූනි මාසයේදී එංගලන්තයේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති ක්‍රිකට් තරඟාවලියක් අතරතුර සචිත්‍ර සේනානායකට ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් සැකසහිත බවට චෝදනා එල්ල විය.


මේ නිසා ක්‍රිකට් කවුන්සිලය ඔහුට ජාත්‍යන්තර තරඟ තහනමක් පැනවූ අතර අදාළ දැනුම්දීමෙන් පසු සචිත්‍රගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලදී.



Post a Comment