8ක් මැරුවැයි සැක එල්.ටී.ටී.ඊ. දෙන්නා යළි රිමාන්ඩ්

ශ්‍රී ලංකා ගජබා රෙජිමේන්තුවේ සේනා විධායකවරයා, විල්පත්තුව ජාතික වනෝද්‍යානය බාරකරු ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය විසින් ඔවුන් දෙදෙනා ලබන ජනවාරි මස 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.


මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකයින් දෙදෙනෙකු වන සූරියකාන්තන් ජෙයචන්ද්‍රන් නොහොත් උදයන් සහ ශිවප්‍රකාශන් ශිවශීලන් නොහොත් ඉලෙයියන් නමැති දෙදෙනාය.


සිද්ධියට අදාළ නඩුව ලබන වසරේ ජනවාරි 28 සහ 29 යන දෙදින අඛණ්ඩව විභාගයට ගැනීමට ද මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.


2007 වසරේ මාර්තු මස 09 වැනිදා විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ දී ශ්‍රී ලංකා ගජබා රෙජිමේන්තුවේ සේනාවිධායකවරයා, විල්පත්තුව ජාතික වනෝද්‍යානය බාරකරු ඇතුළු පුද්ගලයින් අට දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොණු කර ඇත.



Post a Comment