ආණමඩුවේ එජාප කාර්යාල දෙකකට ප්‍රහාරයක්

ආණමඩුව - ආඬිගම සහ සේරුකැලේ ප්‍රදේශ වල පවත්වා ගෙන ගිය එක්සත් ජාතික පක්ෂ කාර්යාල දෙකකට ඊයේ රාත්‍රී ප්‍රහාරයක් එල්ලවී ඇති බව පොලීසිය කියයි.

ආඬිගම මන්සන්ධියේ ස්ථාපනය කර ඇති පක්ෂ කාර්යාලය 23 වැනිදා සවස පුත්තලම දිස්ත්‍රිත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර මහතා විසින් විවෘත කර ඇත.


ඊට සුළු වේලාවකට පසුව වාහන 04 කින් පැමිණි පිරිසක් පක්ෂ කාර්යාලයට කඩා වැදී එහි සිටි පිරිස පළවා හැර එය කඩා විනාශ කර ඇති බව පොලීසිය කියයි.


සිද්ධිය සැලවූ වහාම එම ස්ථානයට ආණමඩුව පොලීසියේ නිලධාරීන් ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත.


එම සිද්ධියෙන් සුළු වේලාවකට පසුව ආණමඩුව - සේරුකැලේ ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය එක්සත් ජාතික පක්ෂ කාර්යාලයකටද ප්‍රහාරයක් එල්ලවී තිබේ.


තම නිවස ඉදිරිපිට ස්ථාපනය කර තිබූ ප්‍රචාරක කාර්යාලයේ සවි කර තිබූ පුවරු දෙකකට පැමිණි පිරිස හානි සිදු කළ බව සේරුකැලේ පදිංචි ඔබ්ලිව්.දිලීප් කුමාර යන අය පල්ලම පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත.


වෑන් රථයක් ඇතුළු වාහන හතරකින් පැමිණි පිරිසක් ප්‍රහාරය එල්ල කළ බවද පැමිණිලිකරු පොලීසිය හමුවේ පවසා තිබේ.


මෙම ප්‍රහාරයන් දෙකම එකම කණ්ඩායමක් විසින් සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි.


ආණමඩුව සහ පල්ලම පොලීසි වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.



Post a Comment