තරුණයා දුම්රියේ ගැටී මරු දකියි

වව්නියාව, තෝනිකල් ප්‍රදේශයේ දී දුම්රියක ගැටී තරුණයෙකු මියගොස් තිබේ.

කොළඹ සිට වව්නියාව දෙසට ධාවනය වු දුම්රියක ගැටී මෙම අනතුර සිදුව ඇත.


අනතුරට පත් පුද්ගලයා එම ස්ථානයේ දීම මියගොස් තිබේ.


මියගොස් ඇත්තේ වව්නියාව, තේක්ක වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකි.


සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment