ජනාධිපතිවරණයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

ඉදිරි ජනාධිපතිවරණයට අදාළව දිවයිනේ සියලු පොලිස් කොට්ඨාශ මට්ටමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය සැලසුම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ මේ වන විටත් දිස්ත්‍රික් මට්ටමින් විශේෂ පොලිස් ඒකක පිහිටුවා ඇති බවයි.


මේ අතර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ රාජකාරී කටයුතු සඳහා සහභාගී වන ගුරුවරුන් පුහුණු කිරීම මෙම සතිය තුළ සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.


දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දී අදාළ පුහුණුවීම් සිදුකිරීමට නියමිතය.


මෙම සති අන්තයෙන් පසුව පාසල්වල නිවාඩුව ලබාදෙන බැවින් මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු මෙම සතිය තුළ සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.


මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන අනෙක් රාජ්‍ය නිලධාරීන් සඳහා වන පුහුණුවීම් දෙසැම්බර් මස දෙවන සතියේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.



Post a Comment