බ්‍රිතාන්‍ය‍ ලංකාව ගැන අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය ජාතිකයින් සඳහා අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

බ්‍රිතාන්‍ය විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය කාර්යාලය විසින් අදාළ නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වෙයි.


ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් මෙම නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය.


දේශපාලන, රැස්වීම් සහ පෙළපාලී පැවැත්වෙන ස්ථාන මගහරිමින් සංචාරය කිරීමට කටයුතු කරන ලෙස අදාළ නිවේදනයෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය ජාතිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.


දේශපාලන රැස්වීම් සහ පෙළපාලී අතර තුර ගැටුම්කාරී තත්ත්වයන් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු බව බ්‍රිතාන්‍යය රජය පෙන්වා දෙයි.



Post a Comment